ගැටළු Laptop Display Error

Discussion in 'පරිගණක' ආරම්භ කරන ලද්දේ Sathmina, Jan 1, 2019.

  1. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    Lap එක පෙලක් වෙලාවට Screen එක කලු පාට වෙනව ආයි එනව දෙතුන් පාරක් විතර එකදිගට ... පැහැදිලි කරන්න නම් අමාරුයි ටිකක්..aaa32aaa32aaa32aaa32

     
  2. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    Laptop එකේ පියන අරින වහන වෙලාවට display එක එහෙම වෙනවා නම් ලෙඩේ තියෙන්නේ display ribbon එකේ. නිතරම flash වෙනවනම්, ඒ කියන්නේ තප්පරේට දෙවරක් වගේ නිවෙනවා පත්තුවෙනවා වෙනවා නම් display power* දෝෂයක් වෙන්න පුළුවන්. display එක black වෙලා ටිකක් වෙලා තියනවනම් සහ black වෙලා තියන වෙලාවට පැත්තෙන් ලයිට් එකක් ගහල බැලුවහම display එකේ දේවල් පෙන්නනවනම් දෝෂ තියෙන්නේ display backlight වල. මීට අමතරව display control board **එකෙහි දෝෂයක් විය හැකියි. එවැනි අවස්ථාවක බොහෝවිට අලුත් display එකක් යෙදීමට සිදුවේ. සාමාන්‍යයෙන් අඟල් 15.5 display එකක් රුපියල් 8500ක් වගේ වෙනවා.

    *නිවැරදි වෝල්ටියතාවය නොලැබීම නිසා.
    **display එකේ පිටුපස අලවා ඇති කුඩා පරිපථය.


    <IamProgrammerlk/>


     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  3. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    ඔව් එහෙම තමා වෙන්නෙ... Lap එක Charger එකට Connect කරල තියනවෙලාවෙ තමා ඔහොම උනෙ.. තාම 3 පාරක් විතර තමා උනේ...හැමවෙලේම එන්නෙත් නෑ.. :(:(

    තව එකක්.. Lap එක ලගම 4n එක තියෙන්නෙ.. Msg එනවෙලාවට වගේ ඔහොම වෙනවද?aaa32

     
  4. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    නෑ එහෙම බලපෑමක් නෑ....

    <IamProgrammerlk/>


     
  5. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    මම බැලුව.. Screen එක එහෙම වෙන්නෙ Msg එනකොට විතරයි...

     
  6. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    සාර්ථක පිළිතුරකි
    සාමාන්‍යයෙන් සංකීර්ණ විදුලි උපකරණ (Computers/Mobile Phone/Medical Equipments/Satellites/Ext... වගේ දේවල් නිර්මාණය කරල තියෙන්නෙ එම උපකරණ, එකිනෙකා අතර (Magnetic/Frequency) interference ඇති නොවන හෝ අවම වෙන ආකාරයටයි. Laptop display එකකට සම්බන්ද Magnetic/Frequency ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන පරිපථ තියෙන්නෙ එකයි. ඒ display backlight* සඳහා high voltage සකසාදෙන SMPS/EB** එකයි. ඔයාගෙ display එක LED එකක් නම් මෙම කාරණයද අදාල නොවේ. හේතුව LED display backlight*** සඳහා high voltage බාවිතා නොකිරීමයි.

    * LCD display backlight සඳහා fluorescent lamp (සාමාන්‍ය විවහාරයේ 'ටියුබ් ලයිට්' යනුවෙන් හදුන්වන්නේ මේවායි) බාවිතා කරයි. fluorescent lamp දැල්වීම සඳහා අධිවෝල්ටීයතාවයක් අවශ්‍යයි.
    ** Switch Mode Power Supply / Electronic Ballast
    ***LED backlight සඳහා සාමාන්‍යයෙන් 65vත් 195vත් අතර විදුලියක් බාවිතා වේ. (model එක සහ display size එක අනුව මෙම අගය වෙනස් විය හැකියි.)


    <IamProgrammerlk/>

     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  7. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    Kuppiyaත් Down වෙනවා ඒ අතරේ කුප්පියෙ සාමාජිකයින්ගෙ ගැටලු වලට උදව් කිරීම ගැන බොහොම ස්තූතියි...
    ඇත්තම කිව්වොත් මම ලගදි දැම්ම Threads වලට Answers දුන්නෙ ඔබ විතරයි... Thanks Again..

     
    Madhawa Habarakada සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  8. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    fff052fff052fff052

    <IamProgrammerlk/>


     
    Sathmina මෙම අදහසට කැමතියි.




Share This Page