ගැටළු Hybernating පිලිඹදව

Discussion in 'පරිගණක' ආරම්භ කරන ලද්දේ Sathmina, Jun 24, 2018.

  1. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    ලැප් එකක් hybernate වීම සිදුවන්නේ කෙසේද?
    ලැප් එකක් Shutdown නොකර දිගින් දිගටම Hybernate කිරීමෙන් කිසිදු හානියක් වෙනවද?

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  2. G@neo
    Offline

    G@neo ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    746
    Likes Received:
    829
    ඔව්.වෙන්න පුලුවන් හානි තියනවා.හාඩ් එක සව්ත්තු වෙන්න පුලුවන්.මොකද හයිබර්නේට් වෙනවා කියන්නේ රැම් එකක් විදියට හාඩ් එක පාවිච්චි වීමක්.විශේශයෙන් ssd හාඩ් එකක් තියනවා නම් වඩාත් හානිදායකයි.මොකද ඒකෙ සයිකල්ස් ගාන අඩු වෙනවා.

     
    Sathmina සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  3. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    145
    Likes Received:
    73
    Hybernate karannethuwa sleep karanna. Ethakota haniya adui.

     
    Sathmina සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  4. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,412
    Likes Received:
    3,577
    Ehema haniyak wenna puluwanda aththatama???
    Mamat issara ehema hithuwa. Hard disk eke ekama location ekaka RAM eke copy ekak hama welema save wenakota hard eka damage wenawa kiyala long term yanakota.
    Et e wagema itat wada deyak wenawa ned system files wala? Ewa tiyenne ekama thana. Apita defragmentation ekakadiwat move karanna ba. Ewa computer eka on wela tiyeddi 100 wathawakwath overwrite wenawa atine.

     
    InduwaraU සහ Sathmina මෙම අදහසට කැමතියි.
  5. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,412
    Likes Received:
    3,577
    Deken wenne dekakne. So sleep modeis not an alternative to hybernating.

     
    InduwaraU, IamProgrammerlk සහ Sathmina මෙම අදහසට කැමතියි.
  6. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    HardDisk එකේ සයිකල්ස් අඩු වෙනවා කියන එක ගැන මොකද හිතෙන්නෙ?

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  7. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,412
    Likes Received:
    3,577
    Cycle ekak kiyanne ekama thanaka data repeatedly write karana eka neda?
    Mata e gana idea ekak na.
    Namuth cycles adu wenawa kiyana eka HDD eke one thanaka wenna puluwan neda?
    HDD eka magnetic disk ekak. Physical change ekak ekka tama data write wenne.

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  8. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    සාර්ථක පිළිතුරකි
    මේක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්..!!! රැම් එකක් විදියට හාඩ් එකේ file එකක් පාවිච්චි කරනවට කියන්නේ caching (on pagefile.sys) කියලා hibernate කියලා නෙවෙයි.

    Hibernate කිරීම නිසා පරිගණකයේ කිසිම hardware එකට හෝ කිසිම software එකකට කිසිම හානියක් සිදු වෙන්නේ නෑ. hibernate වීමේ දී සිදුවන්නේ තැනට පරිගණකයේ ram එකට load වී ඇති සියලුම වැඩසටහන්, files ඇතුළු සියලුම දත්තයන් පරිගණකයේ hard disk එකේ hiberfil.sys නමින් හඳුන්වන ෆයිල් එක තුල ගබඩාකර පරිගණකය වසාදැමීමයි. නැවතත් පරිගණකය පණගැන්වීමේදී වින්ඩෝස් මගින් මෙම hiberfil එක කියවා බලා එහි ඇති දත්ත එයාකාරයෙන්ම නැවත ram එකට load කරනු ලැබේ. මෙසේ සිදු කිරීම මගින් පරිගණකය වසා දැමීමට පෙර තිබූ ආකාරයෙන්ම නැවත එතැන් සිට ඉදිරියට වැඩ කරගෙන යා හැකියි. උදාහරණයක් ලෙස ඔබ ගීතයකට සවන් දෙමින් සිටින විට පරිගණකය hibernate කළා යැයි සිතන්න නැවත පරිගණකය පණගැන්වීමේදී එම ගීතය play වෙමින් පැවතුණු තැන සිට ඉදිරියට play වීමට පටන් ගනී.

    hibernate කිරීමේදී ඇතිවන වාසි,
    <01> පරිගණකය ඉතා ඉක්මණින් on කරගත හැකිය.
    <02> save නොකරන ලද files ඇතුළුව පරිගණකය පෙර පැවති තත්වයට (state) ඉතා (Hi-speed) ඉක්මනින් පැමිණේ..


    hibernate කිරීමේදී ඇතිවන අවාසි,
    <01> පරිගණකය hibernate කෙරෙමින් පවතින අතරතුර පරිගණකයේ විදුලිය ඇණහිටීමක් වැනි යමක් සිදුවුණොත් hibernate ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිදු නොවේ එවිට නැවත පණගැන්වීමේදී පෙර පැවැති දත්තයන් ලබා ගැනීමට නොහැකිවේ..

    <02> පරිගණකය hibernate කර නව දෘඩාංගයක් සවිකර නැවත පණගැන්වීමේදී නව දෘඩාංගය හඳුනාගැනීමට නොහැකි වන අවස්ථා වැඩියි. මෙවැනි අවස්ථාවලදී පරිගණකය restart කළ යුතුය.

    <03>පරිගණකය නැවත නැවත hibernate කිරීම නිසා පසුකාලීනව පණගැන්වීමේදී slow වීමට හැකියි. මෙය වලක්වා ගැනීම සඳහා අඩුම තරමෙන් මසකට වරක්වත් පරිගණකය restart කිරීම සිදුකළ යුතු යුතුයි.


    <IamProgrammerlk/>

     
    Madhawa Habarakada, G@neo, Hansi සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  9. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    SSD ගැන කතා කරද්දි hibernate කරත් නොකරත් SSD hard drive වල life-span එක අඩුයි. hibernate කලා කියල ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඔයා ගාව HDD එකක් සහ SSD එකක් තියෙනවනම් HDD එකට hiberfil.sys file එක save වෙන විදියට settings වෙනස් කරගන්න. එතකොට SSD එකේ writing ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්.

    <IamProgrammerlk/>

     
    G@neo සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  10. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    ඉස්සෙල්ලා කිව්වා වගේ hibernate කිරීම නිසා කිසිම හානියක් සිද්ධ වෙන්නේ නෑ. නමුත් sleep කිරිම මගින් පොඩි හානියක් සිද්ධ වෙනවා.

    පරිගණකය sleep කිරීමේදී සිදුවන්නේ ram ඇති දත්තයන් එසේම තිබියදී අත්‍යවශ නොවන hardware න්හි (HDD, Cooling Fan, Monitor,Optical Drive, ext.. ) විදුලි සැපයුම අත්හිටුවා පරිගණකය wakeup state එකට පහසුවෙන් ගත හැකි පරිදි තබා ගැනීමයි. ram එකේ දත්ත විදුලිය රහිත අවස්ථාවන් හිදී විනාශ වී යන නිසා ram එකට සහ motherboard එකට විදුලි සැපයුම අඛණ්ඩව ලබාදෙනු ලබනවා, සම්පුර්ණයෙන් විදුලිසැපයුම අත්හිටවීමක් සිදුවන්නේ නෑ. එමනිසා එම දෘඩාංගය වල ආයුකාලය අඩු වීමට හැකි ය.


    මෙය පරික්ෂා කිරීම සඳහා laptop පරිගණකය sleep කර දින කිහිපයක් charge කිරීමකින් හෝ on කිරීමකින් තොරව තබන්න. දින කිහිපයකට පසු on කිරීමේදී පරිගණකය wakeup state එකට නොපැමිනෙන බව දැකගත හැකියි (batteryය බැස ගිය පසු විදුලිය රහිත වීමෙන් ram එකේ දත්ත විනාශ වි ඇති නිසා). නමුත් hibernate කරන ලද පරිගණකයක් අවුරුදු කිහිපයකට පසුව උවත් නැවත wakeup state එකට පැමිනේ.. (ram එකේ දත්ත HDD file එකේ ගබඩා වි ඇති නිසා දත්ත නොනැසී පවතී)


    <IamProgrammerlk/>

     
    Madhawa Habarakada, G@neo සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  11. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    හැමතිස්සෙම ram එකේ කොපියක් save වෙන්නේ නෑ ram එකට load වෙලා නමුත් නිතරම පාවිච්චි වෙන්නෙ නැති data විතරයි pagefile.sys එකට save වෙන්නෙ.

    system file ගැන කතාකරද්දී 99% ක්ම file reading විතරයි වෙන්නේ writing වෙන්නේ නෑ, නමුත් temporary files නිතරම reading and writing සිද්ධවෙනවා.

    defragment ගැන කතා කරද්දි windows වලට එන default defragmentation tool එක පාවිච්චි කරන්න. එකෙන් system files පවා defragment වෙනවා.


    <IamProgrammerlk/>

     
    Madhawa Habarakada, G@neo සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  12. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    circle එකක් කිව්වට ඇත්තටම circle එකක් නෑ.

    HDD එකක් නම් hard disk එකේ lifespan එක අඩු වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එක, අධික භාවිතය නිසා මෝටරය, කියවීමේ හිස(reading and writing head) ඇතුළු යාන්ත්‍රික කොටස් භෞතිකව ගෙවී යාම නිසා නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීම. දෙක, දත්ත ගබඩා කරන තැටියෙහි ඇතිවන දෝෂ මේවා අපි රසායනික ප්‍රතික්‍රියා නිසා ඇතිවන දුර්වලතාවයන් ලෙස ගොඩක් වෙලාවට හඳුන්වනවා. හේතුව මෙම දුර්වලතාවයන් hard disk එක භාවිතා නොකර තිබූ විටත් කාලයක් යන විට ඇතිවන නිසා. මෙහිදී සිදුවන්නේ hard disk එකෙහි දත්ත ගබඩා කරන memory location (memory segment/sectors ලෙසද හඳුන්වන) එකක ඇති chemicals විද්‍යුත් චුම්බක තරංග වලට ප්‍රතිචාර නොදක්වා සිටීමයි. මෙසේ ඇතිවන දුර්වල ස්ථාන අපි bad sector ලෙස හඳුන්වා ලබනවා. එකම memory segment එකක් තුල දත්තයන් නැවත නැවත ලිවීමත් නැවත නැවත කියවීමත් නිසා එම chemicals නැවත නැවත විද්‍යුත් චුම්බක තරංග වලට නිරාවරණය වීම නිසා එහි ආයු කාලය අඩුවී යනවා. මෙසේ දිගින් දිගට එම රසායනික ද්‍රව්‍ය විද්‍යුත් චුම්බක තරංග වලට ප්‍රතිචාර දැක්වීම අඩුවී ගොස් bad sectors ඇතිවීම සිදුවෙනවා. සමහරු bad sector remover tools පාවිච්චි කරාට මෙම bad sector ඇත්තටම අයින් කරන්න බෑ මොකද භෞතිකව සිදුවෙච්ච හානියක් මෘදුකාංගයකින් නිවැරදි කිරීමට නොහැකියි.

    SSD වලදී නම් භෞතිකව චලනය වන hardware උපාංග නොමැති නිසා එවැනි දුර්වලතාවන් ඇති වන්නේ නෑ. නමුත්,
    SSD වලදී දත්ත ගබඩා කරනු ලබන්නේ NAND register තුලයි. එක බිට්ටුවක් සඳහා එක transistors එකක් භාවිතා කරනු ලබයි. මෙම transistors එකක් තුල කාලයක් විදුලිය ගමන් කිරීම නිසා (reading and writing) එහි ප්‍රතිරෝධී අගය අඩු වැඩිවී එම බිට්ටුව තුළ දත්ත ගබඩා කිරීමට නොහැකි වී යයි.

    මෙම drive වර්ග දෙකම එක දත්තයක් ගබඩා කිරීමට භාවිතා කරනු ලබන එක ඒකකයක් නැවත නැවත
    සාර්ථකව භාවිතා කිරීම සඳහා ඇති වාර ගණන life circle
    අගය ලෙස සරලව හැඳින් විය හැකියි..

    (** ඉහත සියළුම දත්තයන් මාගේ දැනුම ප්‍රකාරව වේ. මේවායේ ගැඹුරු තාක්ෂණික විග්‍රහයන් මීට වඩා වෙනස් විය හැකිය.)


    <IamProgrammerlk/>

     
    Madhawa Habarakada, G@neo සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  13. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    එහෙනම් එහෙම බැලුවහම අවාසියක් පේන්න නැහැ...
    :Drama::Drama::Drama::Drama:

     
    IamProgrammerlk සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  14. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    @IamProgrammerlk විස්තරේට බොහොම ස්තුතියි....
    :Thumbs::Thumbs::Thumbs::Thumbs:

     
    G@neo සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  15. G@neo
    Offline

    G@neo ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    746
    Likes Received:
    829
  16. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
  17. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    සහෝ මම ඔයා වැරදී කියල ඔප්පු කරන්න යනව කියල වරදවා හිතන්න එපා.. එක එක් විරුද්ද අදහස් කියනවානේ.. හරිම දේ දැනගන්න ඕනෙ නිසයි... ඒ ත්‍රෙඩ් එකට තෑන්ක්ස්...✌️✌️✌️

     
  18. G@neo
    Offline

    G@neo ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    746
    Likes Received:
    829
    අපි දෙන්නම කියන්නෙ එකම දේ. ඉස්සෙල්ලාම හරියට කියවන්න පුරුදු වෙයන් බන්.aaa33

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  19. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    ඔයා කියනවා Hybernating හොද නෑ කියල...@iamprogrammerlk කියනව ප්‍රශ්නයක් නෑලු... ඒක ගැනයි මම කියන්නෙ........

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  20. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508

    @G@neo සහෝදරයා කිව්වා වගේ ඔයාට ඉස්සෙල්ලම කියවන්න සහ තේරුම් ගන්න පුරුදු වෙන්න වෙනව සහෝදරය. ඔය article එක තව පාරක් කියවන්න. අමාරුයි තමයි දෙතුන් පාරක් try කරන්න..:Love2::Love2::Love2:

    මුලින්ම මම පැහැදිලිව කියලා තියෙනවා කොහොමද Hibernate කිරීමේදී system එක ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය step by steps. ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් නම් පැහැදිලි වෙනවා Hibernate ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා සහ එයින් හානියක් සිද්ධ වෙනවා ද නැද්ද කියන කාරණය. SSD hard drive එකක් Hibernate කිරීම නිසා පමණක් නොව, වෙනයම් file reading/writing කිරීමට භාවිතා කලත් එහි ආයු කාලය අඩු වෙනවා. එය ඉතුරු කරගැනීමට අවශ්‍යනම් කරන්න ඕන SSD එක භාවිතා නොකර සිටීමයි. ඕනෑම දෙයක ආයුකාලයක් කියා දෙයක් තියනවා එය භාවිතා කරත් සමහර විට භාවිතා නොකර සිටියත් ඉවර වෙන්න පුළුවන්.

    උදාහරණයකට අපි car එකක tyre එකක් ගමු. car එකේ tyre එක ගෙවෙන ප්‍රමාණය අඩු කරගන්න කියල හිතල මට වාහන පදින්නෙ නැතුව ඉන්න පුලුවන්. නමුත් ඒකෙන් මගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙනවද? නෑ. වාහනයක් මිලදී ගත්තේ මට තියෙන ගමන් බිමන් අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න. නමුත් car එකේ tyre එක ගෙවීම අඩු කරගන්න කියලා හිතාගෙන වහනය garage එකට දාල (යමී-පයින්-යමී කියල) මම පයින් යනවනම් වහනයක් ගත්ත එකෙන් ඇති වැඩක් තියෙනවද? හරි එහෙම කලා කියමු එතකොට ඇත්තටම ටයර් එක ඉතුරු වෙනවද? අවුරුදු කිහිපයකට පස්සේ පාවිච්චි කලත් නැතත් tyre එක දිරල යනවා. දැන් මට කොහොමත් අලුත් tyre එකක් ගන්න වෙනවා. එතකොට මට ඉතිරියක් හෝ ලාබයක් ලැබිල තියෙනවද? එහෙනම් මට තීරණයක් ගන්න වෙනවා මට වැඩියෙන් වටින්නේ tyre එකද මගේ ගමන් බිමන් අවශ්‍යතාවයන්ද කියන එක. එනම් මෙතන tyre එක වෙනුවට ඔයාගේ SSD දාල බලන්න කාරණය තේරුම් ගන්න පුළුවන්ද කියල. (**HDD සඳහා මෙය කොහෙත්ම අදාල නොවේ.**)

    "මම දකින විදිහට නම් ඕනෑම තාක්ෂණික යෙදුමක් භාවිතා කිරීමේ කිසිම හානියක් සිද්ධ වෙන්නේ නෑ. හානියක් වෙන්නෙ එය අව-භාවිතා කිරීම හෝ අධි-භාවිතා කිරීම නිසා."

    <IamProgrammerlk/>


     
    Last edited: Jul 1, 2018
    G@neo මෙම අදහසට කැමතියි.




Share This Page