ගැටළු Download කරපු MP4 file එක play වෙන්නේ නැහැ.

Discussion in 'ට්‍රික්ස්' ආරම්භ කරන ලද්දේ washister, Sep 12, 2018.

  1. washister
    Offline

    washister ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    585
    Likes Received:
    631
    මම Mp4 file එකක් down කලා. නමුත් එම file එක VLC play එකෙන් open උනත් play වෙන්නෙ නැහැ.
    මෙය විදියම mp4 files වගයක් මගේ යහලුවකුගේ Car video recorder එකේ save උන mp4 file වගයක් play කරගන්නත් try කලා නමුත් මෙයාකාරයටම play කරගන්න බැරි උනා.
    මේකට මොකක්ද කරන්න ඕනි play කර ගන්න. දන්නා කෙනෙක් ඉන්නවා නම් help එකක් දෙන්න.

     
  2. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    ඔයා download කරපු mp4 file එක විතරක් ද? නැතිනම් විශේෂයක් නැතුව සියලුම mp4 වර්ගයේ files play වෙන්නෙ නැද්ද? එකක් විතරක් play වෙන්නෙ නැත්නම් සමහරවිට ඒ file එක damage වෙලා ඇති. නැවත download කරල බලන්න. සමහර car video recorder වල recorded mp4 files හරියට play වෙන්නෙ නෑ. ඒකට ඒකටම ගැලපෙන video player එකක් ඒ අය දෙනවා.. බාල chinese ඒවායි ඒ වගේ ප්‍රශ්න තියෙනවා. කිසිම mp4 file එකක් play වෙන්නෙ නැත්නම් codec pack එකක් install කරගන්න.

    <IamProgrammerlk/>

     
    InduwaraU සහ washister මෙම අදහසට කැමතියි.
  3. washister
    Offline

    washister ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    585
    Likes Received:
    631
    Thanks ඔයාගේ පිළිතුරට. අනිකුත් mp4 files play වෙනවා. download කරපු එකේ කිසිම ප්‍රශ්නයක් නම් පෙනෙන්න නැහැ. මේකත් හරියටම car video record එකෙ mp4 file එකක් වගේ තමයි. ඉතින් car record video mp4 files play කරන්න ඕනි නම් එකට support කරන software or players තියෙනවාද?

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  4. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    එහෙම විශේෂිත player එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. mp4 කියලා කියන්නේ file standard එකක් ඒ කියන්නේ පොදු ප්‍රමිතියක් ඒ නිසා mp4 file එකක එහි අන්තර්ගත දත්ත වල වෙනස්කම ඇරුණුකොට file එකේ structure එක සමානයි. ඒ නිසා mp4 play කළ හැකි ඕනෑම player එකක් මගින් එම file එක open/play කළ හැකියි. නමුත් එසේ කළ නොහැකි අවස්ථා වනුයේ එම ගොනුවට හානි සිදුවීම හෝ player උපකරණය/මෘදුකාංගය එම ගොනු සඳහා සහයෝගය නොදැක්වීම විය හැකියි. උදාහරණයකට kwid එකට එන original player එකේ mp4 play කරන්න හැකි වුණත් 720p වලට වඩා quality වැඩි files play කරන්න බෑ. මෙවැනි අවස්ථාවක high quality videos low quality videos බවට පරිවර්තනය කර භාවිතා කල හැකියි.

    මට පෙනෙන ආකාරයට ඔබගේ ගොනුවෙහි encoding error එකක් සහිත බවයි. එමනිසා හොද video converter software එකක් භාවිතා කර ගොනුව වෙනත් ගොනු වර්ගයකට (.avi/.mkv) හෝ එහිම low quality ගොනුවක් බවට පරිවර්තනය කර play කිරීමට උත්සාහ කර බලන්න. ඔබගේ video ගොනුව download කරන ලද්දේ video streaming site එකකින් නම් මෙවැනි ගොණු හානි වීමකට ලක් විය හැකියි. මෙයට හේතුව එම අඩවි තුළ පවතින ක්‍රියාකාරීත්වයයි.මෙම අඩවි තුල සාමාන්‍යයෙන් සිදුවන්නේ වීඩියෝ ගොනු කොටස් වශයෙන් කඩා online video player මෘදුකාංගය වෙත ලබා දීමයි. මෙහිදී කොටස් කිහිපයක් අස්ථාන ගත වුවහොත් online player එක මගින් එය buffering lost එකක් ලෙස සලකා එය skip කර video එක play කරන නමුත් download කිරීමේදී මෙවැනි අස්ථානගත වීමක් සිදු වුවහොත් එම skip කෙරෙන ලද කොටස් රහිතව ඉතුරු කොටස් එකලස් කර ගොනුව සකසනු ලැබේ. මෙවිට සාමාන්‍ය player එකකට මෙම ගොනුව හදුනාගත නොහැකිවීයයි. එම අඩවිය මගිනි වීඩියෝව download කිරීමට පහසුකම් සලසා ඇත්නම් (direct access) මෙවැනි lost එකක් සාමාන්‍යයෙන් සිදු නොවේ. එබැවින් නැවත වරක් video එක download කර උත්සහ කර බලන්න.


    <IamProgrammerlk/>

     
  5. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    126
    Likes Received:
    63
    washister මෙම අදහසට කැමතියි.




Share This Page