Best Life එක ගැන සම්පූර්ණ විස්තරක් අවශ්‍යයි?????

Discussion in 'vacancy | රැකියා අවස්ථා' ආරම්භ කරන ලද්දේ Harsha444, Jan 20, 2016.

  1. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    මම ඒ ගැන දන්නෙ ඒක networked Marketing system එක හා අඩු මිලකට තියෙන භාණ්ඩයක් වැඩි මිලකට විකුණන්න උත්සාහ කරනව කියන දෙක විතරයි.
    කොහොමද අමාරුවෙ වැටුණ කියල නඩු කියන්නෙ. එයාල හැමෝම කැමැත්තෙන්ම සෙට් වෙලා නේද? මිලක් ගෙවල නිකං ඉඳල නෑනෙ. භාණ්ඩයකුත් මිලට අරගෙනනෙ., ඉතින් එතන පිටින් පෙනෙන වංචාවක් නෑනෙ. තියෙන්නෙ ඒ මනුස්සයම වැඩි මිලක් ගෙවල බඩුවක් අරගෙන විතරනෙ. අන්න එයා රැවටිලා.
    රැවටීම ඊට පස්සෙ ඒ මනුසය අනිත් අයටත් කරනව. මොකද තව අයව රවට්ටල්ල අර භාණ්ඩය වැඩි මිලට තව අයගෙ ඇඟේ ගැහුවෙ නැත්තම් එයාට ආදායමක් නෑනෙ.
    අන්න ඒව කරන්න යන එක තමා මම අමාරුවෙ වැටෙනව කියල කිව්වෙ. මිනිස්සුන්ව රවට්ටන්නත් මහන්සි වෙන්න ඕනෙනෙ. :)

    ඔයා එකඟ වෙලා නැත්තෙ "තමුනුත් අමාරුවෙ වැටිල" කියන කොටසට විතරක් බව පේනව. ඒ කියන්නෙ "සුළු වටිනාකමක් ඇති දෙයකට ඊට වඩා කිහිප ගුණයක් වියදම් කරවන" කියන එකට හා "වයිරසයක් වගේ ඒක පතුරුවන්න අපිත් සම්බන්ධ වෙන" කියන දෙකට ඔයත් එකඟයි නේද?

     
    madusanmalith සහ Chanaka Kumarasinghe මෙම අදහසට කැමතියි.
  2. Chanaka Kumarasinghe
    Offline

    Chanaka Kumarasinghe ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Dec 26, 2015
    අදහස්:
    439
    Likes Received:
    582
    company එකට සල්ලි ගන්න බැරි නිසා තමයි බොරුවට බඩු විකුනන්නේ. අනික කාට නඩු දාන්නද මගේ හොඳම යාළුවො දෙන්නෙක් තමයි මාව මේකට අල්ලන් යන්න හැදුවේ උන්ට නඩු දාන්නද? අනික යන්නේ bestlife එකෙන් අපිට එන්න කියල නෙමෙයිනේ යාලුවෙක් කියපු නිසා. ගිහින් සල්ලි නිකම් දුන්නේ නැනේ බඩු ගත්තා. genuine විදියට කරනව කියල පෙන්නන්න බොරුවට LG වගේ products ටිකකුත් තියල තියනව. රුපියල් 40000ක බඩු ගනන කිව්වේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ එක 60000 කරලා කියල වටින් ගොඩින් ආරංචි උනේ. membership එක ගන්න නම් උන්ගෙන් ඔය ගානට බඩු අරගන්නම ඕනේ නේද? ඕක ඔච්චරටම හොඳ එකක් නම් මොකටද එහෙම උන්ගේ බඩු උන්ගේම සාමාජිකයන්ට ගන්න කියන්නේ? එහෙම නොකලානම් ඔහොම ඕකුන්ට ආදායමක් එන්නේ නෑ මොකද ඕකුන් යැපෙන්නේ ඔය 40000න්. එකෙක් අමාරුවේ වැටුනට පස්සේ ඌ අනිවාර්යයෙන්ම තව උන් අල්ලාගෙන එනවා උගෙන් වියදම් උන ගානවත් හොයාගන්න හිතාගෙන. කොහොමහරි අවසානයට වෙන්නේ මෙලෝ තේරුමක් නැති අසරණයෙකුට සුරංගනා ලෝකයක් මවල උගේ රුපියල් 40000 කට විදින එක. වැඩකට ඇති හෝ නැති බඩු ටිකක් මිනිසුන්ට විකුණගෙන කොහෙවත් ඉන්න හොරු ටිකක් පෝසත් වෙන එක.

     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  3. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,430
    Likes Received:
    2,047
    මම දැනුවත්ව අපේ ගමේ 5ක් විතර සහ යාලුවෝ දෙන්නෙක් ඕකට සම්බන්ද වෙලා 60000ක් සල්ලි ගෙවලා සෝලා පැනල් එකක් හෝ වතුර ෆිල්ටර් එකක් අරගෙන පාඩුවේ ඉන්නවා ඒ දවස්වල කට්ටිය කිට ගහලා ඇවිදිනවා . දැන් ඒ මොකුත් නෑ . කොහොම හරි බොන කොල්ලෝ ටිකක් ඒ දවස්වල බොන එක නතර කරලා තිබුනා දැන්නම් අයෙත් බොනවා . මේක විවේචනය කරනවා නෙමෙයි . වැඩේ හොදයි නමුත් ගෙවන මුදලෙන් 5න් 1ක් වගේ වටිනා භාණ්ඩයක් ලබා දෙන එක තමයි ගැටලුව . 75 % ක් වත් වටිනා භාණ්ඩයක් ලබා දෙනවනම් සාමාජිකයාට එකවත් තියෙනවා

     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  4. චූටියා
    Offline

    චූටියා සාමාජික

    Joined:
    Feb 23, 2017
    අදහස්:
    85
    Likes Received:
    82
    මහත්තයා වරදවා වටහගන්න එපා.ඔයාට වැරදි කියනව නෙවෙයි.ඔයාගෙ හෘදසාක්කිය දන්නවනෙ ඇත්ත මොකද්ද කියල.මේකෙ ඉන්න කවුරුත් ඕකට අහුවෙන්නෑ.වැරැද්ද තියෙන්නේ පාරෙ යන එවුනුත් සාමාජික කරන්න යන එකනෙ.ඒකනෙ පොය්න්ට් ගන්න තියන ලේසිම ක්‍රමේ නේද?මිනිහෙක් මහන්සියෙන් හම්බකරන සල්ලි බොරු කරල කඩාගන්න එවුන්ගෙ ළමයින්ටවත් හරියන් නෑ.ඕවයේ උඩම ඉන්න උන් පීනන්න සල්ලි හම්බකරනව.කොච්චර කරකවල කිවුවත් ඕක පිරමිඩ තමා.

    Sent from my දුප්පත් ෆෝන් එක using Tapatalk

     
  5. Pavithra
    Offline

    Pavithra නවක සාමාජික New Member

    Joined:
    Jul 2, 2016
    අදහස්:
    2
    Likes Received:
    0
    salli dammoth dammama thama aaa16

     




Share This Page