සුදු කොඩි දකින කුප්පිය සුවපත් කිරීම සඳහා ඖෂධ අවශ්‍ය කර තිබේ.

Discussion in 'වෙනත් ඕනෑම දෙයක් ගැන' ආරම්භ කරන ලද්දේ IamProgrammerlk, Sep 14, 2018.

  1. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    (මෙම post එක ලියා ඇත්තේ මට කුප්පිය පෙනෙන/දැනෙන ආකාරයටයි. එබැවින් මෙය මාගේ පම්පෝරියක් ලෙස නොසලකන්න. එසේම පහත දැක්වෙන සියල්ල මගේ අදහස් සහ යෝජනා පමණි. එය භාවිතා කිරීම හෝ නොකිරීම සම්පූර්ණයෙන්ම කාර්ය මණ්ඩලයේ සහ admin වරයාගේ තීරණයකි.)

    කුප්පිය එන්න එන්න ම පාළුවට යනවා. අලුත් thread එකක් වැටෙන්නේ නෑ, වැටුනත් ඒකට ලේසියෙන් reply එකක් ලැබෙන්නෙ නෑ, අලුතින් නව සාමාජිකයන් පැමිනෙන්නේ නෑ, ඉන්න සාමාජිකයන්ගෙ පැමිණීමත් අන්තිමයි, admin අතුරුදහන්, moderator වරු ලොවෙත් නෑ, මේ දැනට කුප්පියේ පවතින තත්ත්වයයි.

    කුප්පිය ගොඩගත යුත්තේ ඇයි?

    මම පාවිච්චි කරන අනෙකුත් සියලුම forum වලට වඩා කුප්පියට මම කැමතියි. මෙයට ප්‍රධානම හේතුව කුප්පිය අධ්‍යාපනික පැත්ත සඳහා ප්‍රමුඛතාව ලබාදීමයි. අනෙකුත් forums වෙනත් වල්-පල්, gossips වැනි විෂයයන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන අතර කුප්පිය වැඩිවශයෙන් අවධානය යොමු කරන්නේ අධ්‍යාපනික විෂයන් සඳහා බව මාගේ හැඟීමයි.

    මම දකින විදිහට කුප්පිය active තත්ත්වයේ තබා ගැනීමේ වගකීම සම්පූර්ණයෙන්ම අපගේ කාර්යමණ්ඩලය* සතුයි. පැහැදිලිවම ඔවුන් එම වගකීම පැහැර හරින/හැරෙන බව මගේ හැඟීමයි. මම මේ කියන්නේ මගේ හිතළුවක් නෙවෙයි, හේතු කාරණා සහිතවයි.

    0001. පිටසක්වල ජීවීන් විසින් පැහැර ගන්නා ලද admin වරයා.

    මම මාස කිහිපයක සිට කරන ලද පරීක්ෂණවලදී හෙළිවුණේ මොහු පිටසක්වල ජීවීන් විසින් පැහැරගෙන ඇති බවයි. මොහු ඉදහිට හෝ කුප්පිය පැත්තට පැමිණෙන බවට කිසිදු සාක්ෂියක් නොමැත. පණිවිඩ සඳහා ප්‍රතිචාර නොදැක්වීම, අලුතින් post එකක් නොදැමීම හෝ අඩුම තරමේ කැමැත්ත ප්‍රකාශ කිරීමක්වත් මොහුගෙන් නොලැබේ. අඩුම තරමේ මොහු ජීවතුන් අතර සිටිනවාද යන්න ද ප්‍රශ්නයකි. සියලු දෙනා කාර්යබහුල බව සත්‍යයකි. නමුත් දිනකට විනාඩි කිහිපයක් හෝ තම දරුවෙක් වෙනුවෙන් කැප කිරීම පියෙකුගේ යුතුකමකි.

    0010. මර නින්දේ සිටින moderator වරු.

    කුප්පිය සතුව moderator වරු කිහිප දෙනෙක් සිටින නමුත් එයින් බොහොමයක් දෙනා නිතර කුප්පිය පැත්තට නොඑන අයවේ. නිතර පැමිණෙන දෙදෙනා පවා moderation ක්‍රියාවලිය සිදු කරනවාද යන්න පැහැදිලි පැනයකි. අප සතුව විශාල spam post ප්‍රමාණයක් තිබීමෙන් මෙම කාරණය පැහැදිලි වේ. කාර්යබහුලත්වය නිදහසට කාරණයක් නොවේ. උවමනාව ආසාව උනන්දුව ඇතිනම් කාර්යබහුලත්වයෙන් මිදීමට හැකියාව ඇත.

    0011. අසාමාජික සාමාජිකවරු.

    ඉන්න සාමාජිකයන්ගෙ පැමිණීම අන්තිමයි. ඒකට ඔවුන්ට දොස් කියලා වැඩකුත් නැහැ. හේතුව ඔවුන්ට පැමිණීමට කිසිම පෙළඹවීමක් සිද්ධ වෙන්නෙ නැති නිසා. අලුත් දැනුමක් නැහැ. හැමදාම එකම, පාළුවට ගිහිපු forum එකක් විතරයි. කොයි වෙලේ බැලුවත් online ඉන්නෙ එක්කෙනයි හෝ උපරිම දෙන්නයි. ඒකට නම් නිදහසට කාරණයක් විදිහට කියන්න පුළුවන් අපිට ඉන්න සාමාජිකයන් ප්‍රමාණය ස්වල්පයයි කියන එක. නමුත් අපි අපේ සාමාජිකයින් ප්‍රමාණය වැඩිකර ගන්න කිසිම දෙයක් කරන්නේ නෑ. මම කියන්නේ නෑ online ඉන්න අය හොය හොයා ගිහිල්ලා බෙල්ලෙන් අල්ලගෙන ඇවිත් අපේ forum එක ඇතුලට ඔබලා සාමාජිකයින් ප්‍රමාණය වැඩි කර ගන්න උත්සාහ කළ යුතුයි කියලා. එහෙම කලොත් විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. උදාහරණයකට elakiri එකේ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් හිටියට පල් වෙච්ච කුණු ගොඩක් හා සමානයි. කිසිම පිළිවෙලක් නෑ. දෙයක් හොයාගන්න ගිහාම forum එක හදපු අයගෙ දෙමව්පියන් විතරක් නෙවෙයි සීයලා මුත්තලා පවා සිහිවෙනවා. වාසනාවකට අපිට එහෙම ප්‍රශ්නයක් නෑ. ඊළඟට පෙනුම කිසිම ප්‍රියමනාප ගතියක් නැති ගොබ්බ පෙනුමක් ඒකෙ තියෙන්නෙ. නැවතත්, වාසනාවකට අපිට එහෙම ප්‍රශ්නයක් නෑ. අපි ලස්සනයි. මම elakiri එක විවේචනය කරනවා නෙවෙයි. එය සහ මෙය සංසන්දනය කිරීමක් පමණයි. මම forum දෙකම සමානව භාවිතා කරනවා කිසිම පැත්තක් ගන්නෙ නැතුව. මට අවශ්‍ය දැනුම! මම මේ forum දෙකෙන්ම ඒක ලබාගන්නවා. මම සාමාන්‍යයෙන් දවසට දෙපාරක් කුප්පිය පැත්තට ඇවිල්ල යනවා. සාමාන්‍යයෙන් උදෑසන හයත් අටත් අතර සහ සවස හයත් අටත් අතර කුප්පිය පැත්තට එනවා. අලුත් update තියෙනවද කියලා බලනවා අලුත් update එකක් නැත්තන් මම යනවා. තියෙනවනම් ඒකට reply එකක් දෙනවා නැතිනම් පසුව reply එකක් දෙන්න bookmark කරලා තියෙනවා. ඒ මගේ කුප්පියේ සාමාන්‍ය හැසිරීම. කුප්පියේ සෑම thread එකකටම මම reply කරන්නෙ නෑ. එයට හේතුව මම නොදන්නා විෂයයන් සඳහා දන්නවා වගේ දේවල් කියවන්න ගිහිල්ලා නෝන්ඩි වෙන්න කැමති නැති නිසා. අනික ඒක මහ විකාර වැඩක්. නමුත් ඒ මම ඉගෙන ගන්න කැමති subject එකක් නම් මම ඒක follow කරනවා.ඒ මගේ හැටි. මගේ google chrome එකේ default tab එක විදියට තියෙන්නෙත් කුප්පිය.

    *ඉහත යම් යම් පුද්ගලයන් හැඳින්වීමේදී ඔවුන්ට අපහාසයක් සිදු කිරීම හෝ දෝෂාරෝපණයට ලක් කිරීමක් සිදු කිරීම මාගේ යටි අරමුණක් නොවේ. හැඳින්වීමට සහ පැහැදිලි කිරීමට පමණක් ඔවුන්ව භාවිතා කර ඇත.


    <IamProgrammerlk/>

     
    Wolverine, Waruna Prasad Madusanka, InduwaraU සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    කුප්පිය ගොඩගැනීමට මගේ අදහස්,

    0001. New branding



    දැනට අපි සතුව පවතින logo එක ඉතාම ප්‍රාථමික මට්ටමේ සහ කුප්පිය යනු කුමක්ද යන්න පැහැදිලි වන ආකාරයේ logo වක් නොවේ. සරලවම පැවසුවහොත් නිරුවත් කටු බැල්ලියක් ආකාරයට දිස්වේ. ප්‍රථමයෙන්ම අපට පැහැදිලි logo වක අවශ්‍යතාවයක් ඇත. නව logo වක් නිර්මාණය කරගැනීම සඳහා අපගේ සාමාජිකයින්ගෙන්ම සහයෝගය ලබාගත හැකිය.



    Slogan එකක අවශ්‍යතාවය පවතී. දැනට අප සතුව slogan එකක් නොමැත. slogan එකක් නිර්මාණය කරගැනීමේදී එය කුප්පියෙහි හරය අරමුණ පැහැදිලි වන ආකාරයේ එකක් ලෙස නිර්මාණය කරගත යුතුය. එසේමය සරල විය යුතුය.



    0010. මෙගොඩ ගොඩේ ‘තන’ රැක ගැනීම.



    දැනටමත් කුප්පියේ සිටින සාමාජිකයින් නැවත කුප්පිය තුළට ගෙන්වා/රඳවා ගැනීම සඳහා පොළඹවන ආකාරයේ යම් කිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.



    උදාහරණයකට,
    නිතරම කුප්පිය භාවිතා කරන active තත්වේ සිටින සාමාජිකයන්හට දැනට පවතින trophy points වලට වඩා වැඩි හෝ වෙනස් badges ලබාදිය හැකි ක්‍රමයක් සැකසිය යුතුයි (profile rating system). ඒවා ලබාදීමේදීත් හිතුමතේ හෝ කුප්පිය භාවිතා කරන ලද කාලයට හෝ post කරන ලද threads ප්‍රමාණයට හෝ පමණක් සීමා නොවී කුප්පියෙහි post කරන content වල අධ්‍යාපනික වටිනාකම, පැහැදිලි නිරවුල්කම සහ අරමුණ යන කාරණාත් වැඩි වශයෙන් සැලකිල්ලට ගත යුතුයි. මෙමඟින් වටිනාකමක් සහිත content අපගේ forum එක තුල හුවමාරුවීම වැඩිකළ හැකියි.



    සාමාජිකයින් අතර තරග සංවිධානය කර ඔවුන්ට යම්කිසි ප්‍රදානයක් සිදු කිරීම. ප්‍රදානයක් යන්නෙන් අදහස් කරන ලද්දේ මුදල් හෝ භාණ්ඩ හෝ පමණක් නොවේ. ඉහතින් සඳහන් කරන ලද badges වැනි virtual items ද විය හැකියි.



    0011. එගොඩ ගොඩින් ‘තන’ ගෙන ඒම.



    කුප්පිය වෙත අළුත් සාමාජිකයින් ගෙන්වා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. මේ සඳහා දැනට සිටින සාමාජිකයින් ගෙන් උදව් ලබා ගැනීම සහ වෙනත් advertising වැනි විකල්ප ක්‍රම භාවිතා කළ හැකිය.



    මිතුරු වෙබ් සේවා සමග සම්බන්ධවී විශේෂ promot කිරීම් වැනි දෑ සිදු කළ හැකිය.
    (මාගේ iamprogrammer.lk වෙබ් අඩවිය දැනට ක්‍රියාකාරීතත්වයේ නොමැති නමුත් ඉදිරියේදී එය සක්‍රීය කර එහි help and support පද්ධතිය කුප්පිය සමග සම්බන්ධ කිරීම මාගේ අදහසයි)



    Social media සමග සම්බන්ධ කිරීම. දැනට කුප්පිය කිසිම social media අඩවියක් සමග සක්‍රීයව සම්බන්ධ කර නොමැත. මෙමගින් නව සාමාජිකයින් සඳහා කුප්පිය ජනප්‍රිය කිරීම වියදමකින් තොරව සිදුකළ හැකියි.



    0100. Post contents සඳහා පැහැදිලි නියාමනයක් සිදු කිරීම.



    මෙය අත්‍යවශ්‍ය කාරණයක්. දැනට කුප්පියෙහි post filter කිරීම අතිශය දුරුවලයි සහ අකාර්යක්ෂමයි. පැහැදිලි නීති පද්ධතියක් රහිතයි. දැනටමත් කුප්පියෙහි spam contents ටික ටික වැඩි වෙමින් පවතී. වැදගත්කමක් රහිත contents post වීම සිද්ධ වෙනවා. මෙමගින් කුප්පියෙහි ගෞවරවය අඩුවීම සහ සිටින සාමාජිකයින් ඉවත්වීම ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. මෙම ක්‍රියාවලිය නතර කළ යුතුයි. post එකක් දැමීමේදී එය නියාමනයකින් යුතුව සිදුවිය යුතුයි. සියලුම පැරණි posts පවා නැවත නැවත පරීක්ෂාකර පැහැදිලි අරමුණු රහිත spam වර්ගයේ posts ඉවත් කළ යුතුයි. නැවතත් එවැනි posts පළවීම නතර කළ යුතුයි. content filter කිරීම සඳහා පැහැදිලි නිති පද්ධතියක් සකස් කළ යුතුයි. හැම post එකක්ම මෙම නීති පද්ධතියට අනුකූල බව සහතික කළ යුතුයි. එවැනි posts පමණක් publish කිරීම සිදුකළ යුතුයි. reference links post කිරීමේදී spam වර්ගයේ නොවන links පමණක් පොස්ට් කිරීමට අවසර දිය යුතුයි.



    Post rating system එකක් සකස් කිරීම. දැනට කුප්පියෙහි පළ වන කිසිම post එකක් සඳහා rate කිරීමක් සිදුකළ නොහැකිය. කැමැත්ත ප්‍රකාශ කළ හැකි නමුත් එයින් post එක rating වීමක් සිදු නොවේ. මෙම post rating කිරීම් මගින් සාමාජිකයින් rate කරන ප්‍රතිශතය අනුව post එක ඉහළට සහ rating ප්‍රමාණය අඩු post පහලට පැමිණීම මගින් ගුණාත්මක බවින් වැඩි post සෑම විටම ඉහළ මට්ටමේ තබා ගැනීම සිදු කළ හැකියි. මෙම rating ප්‍රතිශතය මුල්පිටුවෙහි අදහස්/නැරබුම් සමග ප්‍රදර්ශනය කළ හැකිය. post එකකට අකමැත්ත ප්‍රකාශ කළ හැකි පහසුකම ලබා දිය යුතුයි. දැනට ඇත්තේ කැමැත්ත ප්‍රකාශ කළ හැකිය පහසුකම් පමණි.

    Paid content සඳහා අවස්ථාව ලබාදීම. මසකට වරක් හොඳම post එක තෝරා එයට යම්කිසි විශේෂත්වයකින් සැලකීම මෙයින් අදහස් කෙරේ. මුදල්මය ගෙවීමක් පමණක් හෝ නොවේ. හැකිනම් sponsor වරුන් සම්බන්ධ කර ගෙන යම්කිසි ප්‍රදානයක් ලබාදීමට හැකියි. මෙමගින් වැදගත් content සහිත posts කුප්පිය තුළ post කරවීමට උනන්දු කළ හැකිය.



    0101. image upload කිරීම සඳහා forum එක තුලම පහසුකම් සකස් කිරීම.



    දැනට කුප්පිය තුළ image upload කිරීම සඳහා පහසුකමක් නොමැත. මෙය අප සතුව ඇති විශාල අඩුපාඩුවක්. දැනට සාමාජිකයින්හට image එකක් upload කිරීම සඳහා third party tools භාවිතා කිරීමට සිදුවේ. මෙවැනි දේ භාවිතා කිරීම එක අතකින් සාමාජිකයින් හට මහත් කරදර කාරී කාලය අපතේ යන වැඩකි. අනිත් කාරණය මෙම third-party වෙබ් අඩවි තුල upload කරන images ටික කලකින් ඉවත් කිරීම සිදු වේ. මේ නිසා post පැරණි වීමේදී post තුලින් මෙම images අතුරුදන් වී යයි. කාලෙකට පසුව මෙම post පරීක්ෂාකරන/කියවන සාමාජිකයන්ට මෙය ලොකු අඩුපාඩුවකි. එබැවින් කුපියෙහි post සඳහා අන්තර්ගත කරන images කුප්පිය තුළම upload කිරීම සඳහා පහසුකම් සහිත වන පරිදි පද්ධතිය නැවත සකස් කළ යුතුයි.



    0110. කුප්පිය non-profit community organization



    කුප්පිය non-profit open source community forum එකක් බවටත් පරිවර්තනය කිරීම සිදුකළ යුතුයි.



    කුප්පිය දැනට පවතින්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක් ආකාරයටයි. එයින් අදහස් කළේ කුප්පිය සතුව ඇත්තේ එක් admin වරයෙක් පමණයි. admin වරයාගේ නොපැමිණීම, අඩු උනන්දුව වැනි කාරණා නිසා කුප්පිය දියුණුවීම ඇනහිට ඇත. ඒ ඔහුට වරකට සිදු කළ හැකි කාර්යයන් ප්‍රමාණය ඉතා අල්ප බැවිනි. එසේම ඔහු සතු අදහස් ප්‍රමාණයද ඉතා පටු වන බැවිනි. එසේම ඒක පුද්ගල පාලනයක් සහිත නිසා ඔහුගේ අදහස් වලට පමණක් යටත් වීමට අනෙක් සියලුම සාමාජිකයන්ට සිදුවී ඇත. මෙම කරණය නිසා සමාජිකයින්ගේ අදහස් කුප්පිය වෙත ගොනු කිරීමේ උනන්දුව අඩුවී ඇත. ගොඩක් සාමාජිකයින් පුද්ගලයෙකුට හෝ ඔහුගේ අදහස් වලට පමණක් යටත් වී වැඩකිරීමට අකමැතිය.( මමත් මේ ගණයට අයත්ය) නමුත් පොදු community එකක් ලෙස ක්‍රියාත්මකවන ආයතන සමග සමාජිකයින්ගේ බැඳීම වැඩිය. එසේම ශක්තිමත්ය. එයට හේතුව ඔවුන් ශ්‍රමය කැප කරන්නේ එක් පුද්ගලයෙකුගේ අදහසක් මල්ඵල ගැන්වීමට නොව පොදු ප්‍රජාවකගේ අදහසක් සුභ සිද්ධියක් වෙනුවෙනි. උදාහරණයක් ලෙස mozilla, canonical, foss වැනි ආයතන හැඳින්විය හැකිය.



    මෙයින් මම අදහස් කරන ලද්දේ දැනට සිටිනා admin වරයා ඉවත් කිරීම හෝ ඔහුට විරුද්ධව කැරලි ගැසීමක් හෝ සිදු කිරීම නොවේ. කුප්පිය සම්පූර්ණයෙන්ම ඔහුගේ අදහසකි. ඔහුගේ ශ්‍රමයකි. ඔහුගේ ධනයකි. එබැවින් සියලු අයිතීන් ඇත්තේ ඔහුටයි. නමුත් ඔහු සත්‍යවශයෙන්ම කුප්පිය නිර්මාණය කරන ලද්දේ ප්‍රජාවගේ සුබසිද්ධිය සඳහා නම්** මාගේ පැහැදිලි කිරීම ඔහුට තේරුම් යා යුතුය. admin වරයා කුප්පියේ හි නිර්මාතෘ වරයා වේ. එය සදහටම පවතින්නකි. උදාහරණයකට microsoft ආයතනයේ නිර්මාතෘ bill gates මහතා හැඳින්විය හැකිය. දැනට එතුමා එම ආතනයෙන් ඉවත්වී සිටියි. නමුත් microsoft ආයතනයේ නිර්මාතෘවරයා යන තනතුර එතුමා මියගියද සදා කල් ඒ තත්ත්වයෙන්ම පවතී. අපගේ admin වරයා ද එවැන්නෙකි.


    Non-profit community organization එකක් බවට කුප්පිය පරිවර්තනය කිරීම් මගින් නව බාහිර resources කුප්පිය සමඟ සම්බන්ධ කර ගැනීමට වැඩි ප්‍රවණතාවයක් ඇතිවේය යන්න මගේ විශ්වාසයයි.



    ** මුදල් ඉපයීම වැනි පටු අරමුණකින් යුතුව නොවේ නම්,

    <IamProgrammerlk/>

     
    Dishan Hasaral, Dasun123 සහ myday මෙම අදහසට කැමතියි.
  3. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    තව අදහස් පසුවට බලාපොරොත්තු වන්න. එසේම ඔබගේ අදහස් ද ලබාදෙන්න. එය කෙතරම් ගැලපෙන්නේ ද? නැද්ද? යන්න ගැන නොසිතන්න. ගලපා ගැනීම කාර්යමණ්ඩලයේ කාර්යයකි. මියැදෙමින් සිටින කුප්පියට ජීවය පිඹින්නට සහය වන්න.

    <IamProgrammerlk/>

     
    Dishan Hasaral, Dasun123 සහ akshalikas මෙම අදහසට කැමතියි.
  4. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    mulinma meke login eka disable karanna uwamana wenawa..mokada kenekta log wenne natuwa meke tiyena dee balaa ganna puluwan nam tamai first time visitor kenek aye enne..

     
    Dasun123, Krishan shamod, myday සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  5. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    mee wagema watina forum ekak nikarune nasthi welaa wehilama giyaa..danna aya dannawa..domain wenas kalaa karanna puluwan hari kenek eka gatte na..

     
    Dasun123 සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  6. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    Geek එක ගැන වෙන්න ඇති මේ කියන්නේ?

    <IamProgrammerlk/>


     
    Dasun123 මෙම අදහසට කැමතියි.
  7. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    මේ කතා කරන්නෙ members only පහසුකම ගැන. අලුත් සාමාජිකයෙක්ට අපේ forum එකට එනකොට එයාට forum එකේ තියෙන දේවල් කියවන්න අලුත් account එකක් හදලා email verify වෙලා post එක කියවන්න වෙනවා කියන්නේ ඇත්තටම කරදර වැඩක්. ගොඩක් අය මේ වැඩේට කැමති නෑ. ඇත්තටම form fill කරනවා කියන්නේ අපි හැමෝම අකමැති වැඩක්. ඒ නිසා members only පහසුකම නිසා අලුත් visitorලාට අසාධාරණයක් සිද්ධ වෙනවා. ගොඩක් අය හැරිල යනවා. නැවත නොයෙන්නම. අපට විකල්පයක් ලෙස සියලුම posts public කරලා එහි වැදගත් කොටස් * කිහිපයක් (URLs, Images, Good Answers) hidden කරලා members ලාට පමණක් access කළ හැකි පරිදි සැකසිය හැකියි. මෙහෙම content hidden කරලා ඒවා බාවිතා කිරීම සඳහා registered member කෙනෙක් වෙන්න කියලා පොළභවන්න පුළුවන්. එවිට ඇත්තටම මේ post එකහී වටිනාකමක් visitor ට තිබෙනවා නම් ඔහු නව ගිණුමක් සකසා ගනීවි.

    එසේම members only post සහ public post ලෙස වර්ග 2කට post වර්ග දෙකක් සැකසිය හැකියි. එවිට අලුත් post එකක් post කරන අවස්ථාවේදී post එක members only ද, public ද යන්න post කරන්නාට තෝරාදිය හැකියි.

    *සම්පූර්ණ post එකෙන් මුල කොටස (highlights) එක පමනක් ප්‍රදර්ශනය කිරීම කළ හැකිය. ඉතිරි කොටස භාවිතා කිරීම සඳහා ලියාපදිංචිය අවශ්‍යයි

    <IamProgrammerlk/>


     
    Last edited: Sep 15, 2018
    Dasun123 සහ myday මෙම අදහසට කැමතියි.
  8. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,673
    Likes Received:
    1,131
    Kuupiye kada watenna pradana hethuwa kuppiya sell kirima.

    Aluth admin waraya kauda kiyala dannawa. Eya busy bawath dannawa. Parana kenath busy bawa dannawa

     
    IamProgrammerlk සහ Champaht Dissanayake මෙම අදහසට කැමතියි.
  9. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434

    "මුදල් මිනිසා පටු අරමුණු තුළ සිරකිරීමට සමත්ය."
    කුප්පිය තුල මුදල් ගනුදෙනු සිද්ධ කිරීම ලොකු issue එකක් නෙවෙයි කොහොමත් ඒ ගනුදෙනු ගැන කුප්පියේ වගකීමක් නැහැනේ. සම්පූර්ණ වගකීම දෙපාර්ශවය අතර තියෙන විශ්වාසය මත පදනම් වෙනවා. නමුත් එම ගනුදෙනු ගැන සහ ප්‍රමාණය ගැන කුප්පියේහි නියාමනයක් අත්‍යාවශ්‍ය වෙනවා. නැතිනම් අන්තිමට නරක නාමය එන්නෙ කුප්පියටනේ. ඒ නිසා ඒ සඳහා නියාමනයක් සැකසීම අත්‍යවශ්‍යයි.

    අලුත් admin කෙනෙක් ඉන්නවාද? කවුද? කවදද? මොකක්ද? මම කිසිම දෙයක් දන්නේ නෑ.

    <IamProgrammerlk/>


     
    Last edited: Sep 15, 2018
    Dasun123 මෙම අදහසට කැමතියි.
  10. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    0111. Threads auto closing system.

    කුප්පියේ පළකරන ලද threads අතර තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි thread එකට නිවැරදි answer එකක් ලැබුනත් thread එක post කරන ලද සාමාජිකයා විසින් එය closs නොකිරීම. මෙම කරුණ නිසා පිළිතුරක් නොලද threads ලෙස අතිවිශාල post ප්‍රමාණයක් ගොඩ ගැසී ඇත. නමුත් බොහෝමයක් post සඳහා නිවැරදි පිළිතුරු ලැබී ඇත. threads auto closing system පද්ධතිය මගින් හැම post එකටම නියමිත කාල වකවානුවක් තුළ පිළිතුරක් ලබා දීමට බල කරන අතර එසේ නොලදහොත් එම post ටුව ස්වයංක්‍රීයව closed තත්ත්වයට පත් කරනු ලැබේ.


    <IamProgrammerlk/>

     
  11. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    730
    Likes Received:
    814
    වැඩක් නෑ බන්.මේකේ දැන් අතේ ඇගිලි ගානටත් අඩු සාමාජිකයන් ගානක් වගේ ඇක්ටිව් ඉන්නේ.සුදු කොඩි පේන්න දෙයක් නෑ.සුදු කොඩි දාල ඉන්නේ.ඇඩ්මින් නැතුව මොකුත් කරන්න බෑනේ.එහෙම කරන්න හදනවා කියන්නේ ස්ටිරියන් වීල් එක නැතුව වාහනයක් දහ අට වංගුවෙ ගෙනියනව වගේ වැඩක්.මාත් මේ කුප්පියට එන්නේ ඉස්සර ආව පුරුද්දට මිස වෙන එකකට නෙමේ.කාලයක් තිබ්බ කුප්පියට.දැන් ඒ කාලෙ ඉවරයි වගේ මට පේන්නේ.අනික ඕනම දේකට කාලයක් තියනවානේ.කුප්පිය නිකන් ආතල් එකට ගහල හිටල හැදුනු එකෙක් වගේ මට පේන්නෙ.වෙලාව හොඳ කමට ටිකක් නැගල ගිය.

     
    Dasun123 සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  12. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,673
    Likes Received:
    1,131
    Mge mobile eke chrome eke sinhala type kraddi aulak yanawa. E nisai me singlish walin type kranne. E gana sorry..

    Mama kiwwe kuppiye athule wena buy and sell gana newei..

    Kuppiye himikareethwaya wena ekkenekta pawaruna. E gana mama kiwwe. Admin mihisarata me gana balanna time ekak nathi kama nisa kuppiya wena kenekuta wikunuwa

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  13. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    මහන්සි වෙනවා නම් අපිට වෙලාව නං හොඳ කරගන්න පුළුවන්. නමුත් admin ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. එහෙම නැතුව අපිට හිතු හිතු විදිහට වැඩ කරන්නත් බෑනේ. ඒගොල්ලෝ මේ වැඩේට ප්‍රමුඛතාවය දෙන්න ඕන. නැත්තං ගොඩ ගන්න අමාරුයි තමයි.

    <IamProgrammerlk/>


     
    Dasun123 මෙම අදහසට කැමතියි.
  14. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    එහෙම පෙරලියකුත් උනාද? අපි දන්නෙවත් නෑ. දන්නවනම් අපට එකතු වෙලා මොනාහරි කරන්න තිබ්බ ඒ ගැන. සල්ලි වලට ගත්ත නම් අපි කට්ටියට එකතු වෙලා සල්ලි දාලා මේක community එකක් විදිහට පටන් අරගෙන කරගෙන යන්න තිබුණා. දැන් ඉන්න අලුත් අයිතිකරු ගැන අපි කිසි දෙයක් දන්නෙ නෑ. කවුද කියලාවත් දන්නවනම් කියන්න. PM එකක් හරි දාන්න. කුප්පියේ අනාගතේ ගැන ඔහුගෙ තියෙන බලාපොරොත්තු ගැන අපි දන්නෙ නෑනෙ. ඒ නිසා ඔහුගෙන් මේක අසා දැනගත යුතුයි. හැමෝටම යහපතක් වෙන වැඩක් නං අපි ඕනෙ වෙලාවක එතන ඉන්නවා. නමුත් මුදල් ඉපයීමේ වැනි අරමුණකින් කුප්පි ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා නම්, මම නං ඉතිං හැලෙන එක නවත්තන්න බැහැ. මොකද මම උපයන්නේ මුදල් නෙමෙයි.

    <IamProgrammerlk/>


     
  15. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    126
    Likes Received:
    63
    Meka nam eththa.
    Log out wela monawahari hoyanakota kuppiye thibboth aye log wela post eka kiyawanna yanakota epa wenawa. Eka atha erala wena then akin hoyanna hithenawa

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  16. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    126
    Likes Received:
    63
    Kuppiye traffic wedi wela janappriyanam add walinma kuppiya geniyanna puluwan wei. Traffic enakan kattak thamai. Ehema nethuwa Maya gannath behe.

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  17. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    126
    Likes Received:
    63
    Ref karana ayatath point dema wage wedak karanam kattiya hoyannath puluwan.

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  18. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,673
    Likes Received:
    1,131
    Pahu giya dawasaka fb ekedi mge cmnt ekakin mihisara aiyata poddak aul yannathi. So, mge account eka banned ho delete wela thiyenna puluwn issarahata..

    Kuppiye dn admin @CybernetHost

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  19. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    Members වැඩිකරගැනීම, members ලට වැඩිපුර සැලකීම වෙනම කාරණයක්, නමුත් දැනුම free and open source විය යුතු බව මගේ තරයේ විශ්වාසයයි.

    <IamProgrammerlk/>

     
  20. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    හොඳ අදහසක්

    <IamProgrammerlk/>

     
    InduwaraU මෙම අදහසට කැමතියි.




Share This Page