මිනීමරණ ගීතය 'Gloomy sunday'..

Discussion in 'වෙනත් ඕනෑම දෙයක් ගැන' ආරම්භ කරන ලද්දේ [email protected], Apr 16, 2018.

  1. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    #tag ලෝකයේ මිනීමරුවන් ඉන්නවා. එහෙත් කිසිදිනක මිනි මරණ ගීතයක් ගැන අසා නැති බවට සැකයක් නැහැ.මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ බිහි වූ භයානකම සහ මාරාන්තික යැයි සැලකෙන ගීතය පිළිබඳවයි.
    [​IMG]

    #Gloomy Sunday හෙවත් ‘අඳුරු ඉරිදා’


    ඒ, Gloomy Sunday හෙවත් ‘අඳුරු ඉරිදා’ ගීතය හේතුවෙන් ලොව වටා සිදු වූ අද්භූත සියදිවි නසා ගැනීම් බහුලයි. ‘හංගේරියානු ආත්ම ඝාතක ගීතය’ ලෙසින් ලෝක ප්‍රකට Gloomy Sunday ගීතය වටා බැඳුනු සියදිවි නසා ගැනීම් ගණන දුසිම් තුන ඉක්මවන බව පැවසෙනවා.එහෙත් ඇතැම් වාර්තා සඳහන් කරන්නේ එය සියය ඉක්මවන බවයි.ඒ නිසාම මෙම ගීතය ඇතැම් රටවල තහනම් කරනු ලැබූ බව ඔබ දන්නවාද ?
    [​IMG]
    Rezső Seress

    මෙම ගීතය නිර්මාණය කරනු ලැබුවේ හංගේරියානු සංගීතවේදියකු වන රෙසෝ සේරෙස්(Rezső Seress) විසින් 1933 වසරේදී යි. දුක්බර පදමාලාවක් සහ සංගීත පබැඳුමක් අඩංගු වූ Gloomy Sunday විරහවේ වේදනාව මෙන්ම ජිවිතයේ හුදෙකලාව ද, යුද්ධයේ කුරිරු බවද සප්ත ස්වරයට නැගෙන හද හඬවන ශෝකාලාපයක් ලෙස විවිධ ආකාරයේ විචාරකයන්ගේ විග්‍රහයන්ට ලක්ව තිබෙනවා.

    #‘ලෝකයේ අවසානය’ පදමාලාව


    laszlo javor නම් කවියා විසින් හංගේරියානු බසින් රචනා කළ පද පෙළක් ඇසුරෙන් රෙසෝ විසින් නිර්මාණය කල මෙම ගීතය මුලින් ගායනා කරනු ලැබුවේ පෝල් කල්මාර් විසින්. මුලින් javor විසින් රචනා කල ගීතය හැඳින්වී ඇත්තේ ලෝකයේ අවසානය යන අර්ථය සහිතවයි.මෙම ගීතය නිර්මාණය කල සංගීතවේදියා වූ රෙසෝ ගේ පෙම්වතිය ඔහුගෙන් වෙන්ව යාමේ ශෝකය ඔහුට Gloomy Sunday නිර්මාණය කිරීමට පාදක වී ඇති බවත් සත්‍යයක්. සිය පෙම්වතිය වෙන් වීමෙන් හදට නැගුණු හැඟීම් මාලාව තනුවක් කළ රෙසෝ එයට පද වැලක් එක් කිරීම භාර කර ඇත්තේ ඔහුගේ සමීපතම මිතුරකු වූ laszlo javor හටයි.
    [​IMG]
    සත්‍ය ගීතයේ පිටපත

    #රෙසෝගේ මරණය

    ගීතය නිර්මාණය කළ රෙසෝද 1968 වසරේදී බුඩාපේස්ට් හි පිහිටි සිය තට්ටු නිවාසයේ ජනේලයකින් පැන සිය දිවි නසාගෙන ඇති අතර ඒ මොහොතේ ඔහු සතුවද Gloomy Sunday පදමාලාව අඩංගු කොලයක් තිබී හමු වී තිබෙනවා. ගීතය සඳහා හේතු වූ රෙසෝ ගේ පෙම්වතියද ගීතය ජනප්‍රිය වී කෙටි කලකින්ම වස පානය කර සියදිවි හානි කරගෙන ඇති අතර ඇය මිය යන මොහොතේ ඇය සමීපයේ Gloomy Sunday ගීතයේ පද පෙළ තිබී හමු වූ බවත් පැවසෙනවා.

    දෙවන ලෝක යුද්ධයේදී යම්තමින් දිවි බේරාගත් රෙසෝ පසුකාලීනව පියානෝව වාදනය කර ඇත්තේ එක් අතකින්. ඔහුගේ අනෙක් අත දරුණු ලෙස තුවාල වී තිබීම ඊට හේතුවයි. සිය ගීතය ලොව පුරා ජනප්‍රිය වෙමින් තිබුණු සමයේදී එමගින් විශාල මුදලක් උපයාගත හැකිව තිබූ නමුත් ඔහු ඒ සියල්ල පසෙකලා සුපුරුදු ලෙස තානායමක පියානෝ වාදකයකු ලෙස හුදෙකලා දිවියක් ගෙවා තිබෙනවා.

    ‘මම රිදුම් දෙන වේදනා බර හදවතක් තියෙන අසාර්ථක මිනිහෙක්. මගේ හඬන හදවතේ තියෙන මාරාන්තික තුවාල වල ශෝකී වේදනාව පිට කරන්නයි මේ තනුව නිර්මාණය වුනේ. මේ ගීතයට ලැබුණු ප්‍රතිචාර නිසා මම වගේම වේදනාබර හදවත් තියෙන මැරී මැරී ජිවත් වන තවත් ආත්ම ගණනක් මේ ලෝකේ ඉන්න බව මට වැටහුනා’

    ගීතය ලොව වටා ජනප්‍රිය වූ පසු රෙසෝ සිය මිතුරු javorට එසේ පවසා තිබුනා.
    [​IMG]

    #‘Gloomy Sunday’ වාදනය තහනම් කිරීම

    Gloomy Sunday පසුව ඉංග්‍රීසි ඇතුළු වෙනත් භාෂා වලට පරිවර්තනය වී විවිධ වෙනස්කම් වලට ලක්ව ගායනා කෙරී තිබෙනවා. 1936 වසරේදී එය පළමුවෙන් ඉංග්‍රීසි බසින් ගායනා කෙරුණු අතර Gloomy Sunday වඩාත් ජනප්‍රිය වුනේ සුප්‍රකට ගායිකා බිලි හොලිඩේ විසින් එය ගායනා කිරීමෙන් පසුවයි. සෑම් ලුවිස් විසින් ඉංග්‍රීසි බසින් රචනා කළ පද පෙළ ද සිය දිවි නසාගැනීම් සඳහා ඇතැමුන් පොළඹවන සුළු බවත් පැවසුණු අතර, BBC සේවය ඇතුළු ලොව පුරා ගුවන් විදුලි නාලිකා විසින් Gloomy Sunday තහනම් කරනු ලැබුවේද එහි ඇති භයානකකම සලකමිනුයි. BBC සේවය විසින් මෙම ගීතය සඳහා කළ තහනම ඉවත් කෙරුනේ 2002 වසරේදීයි.

    මෙම ගීතය නිර්මාණය කෙරුණු 1930 දශකය තුළ පමණක් හංගේරියාව සහ ඇමෙරිකාව තුළ සිදු වූ සියදිවි නසාගැනීම් දහනවයකට Gloomy Sunday ගීතයේ සම්බන්ධයක් පැවති බව තහවුරු වී තිබෙනවා. ගීතය මුලින්ම ප්‍රචාරය කිරීමට භාරගත් ගුවන් විදුලි නාලිකාවේ ප්‍රධානියකුද ගීතයේ පදපෙල අතැතිව සිය දිවි නසාගෙන ඇති බවත් පැවසෙනවා. එසේම සංගීත කණ්ඩායමක් විසින් Gloomy Sunday ගීතය ගායනා කරනු අසා සිටි තරුණයන් දෙදෙනෙකු තමන්ට වෙඩි තබා ගනිමින් සිය දිවි නසාගත් බවත්, තවත් තරුණියක් ගීතයේ පදපෙල සහිත කොලයක් රැගෙන දියට පැන දිවි නසාගෙන ඇති බවත් Gloomy Sunday සම්බන්ධයෙන් පලවන වාර්තා වල සඳහන් වෙනවා.

    #79 වතාවක් පමණ ප්‍රතිනිර්මාණය වීම

    Gloomy Sunday ගීතය මේ වන විට 79 වතාවක් පමණ ප්‍රතිනිර්මාණය වී තිබීමත් විශේෂත්වයක්.1993 වසරේදී ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ සුප්‍රකට Schindler’s List සිනමාපටයේ තැන් කිහිපයකද මෙම ගීතයේ සංගීතය අඩංගු වන අතර, 1999 වසරේ නිර්මාණය කෙරුණු ජර්මන්-හංගේරියන් නිෂ්පාදනයක් වූ ‘Ein Lied von Liebe und Tod’ (Gloomy Sunday )නම් සිනමාපටය සඳහා මෙම ගීතය නිර්මාණය කිරීමට පදනම් වූ කතා පුවත තේමා වී ඇති බවත් පැවසෙනවා.

    වර්තමානයේදී Gloomy Sunday ගීතය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින නමුත් ඒ සම්බන්ධ සියදිවි නසාගැනීම් වාර්තා වී නැහැ. ඒත් බටහිර ලෝකයේ ඇතැමුන් විශ්වාස කරන්නේ Gloomy Sunday තවමත් රසිකයන්ගේ හදවත් පාරමින් ඔවුන් සිය ආත්ම තුළම මරා දමමින් සිටින ගීතයක් බවයි.

    ©Song English LYRIC

    Sunday is gloomy
    My hours are slumberless
    Dearest the shadows
    I live with are numberless

    Little white flowers
    Will never awaken you
    Not where the black coach
    Of sorrow has taken you

    Angels have no thoughts
    Of ever returning you
    Would they be angry
    If I thought of joining you

    Gloomy Sunday

    Gloomy is Sunday
    With shadows I spend it all
    My heart and I
    Have decided to end it all

    Soon there'll be candles
    And prayers that are said I know
    Let them not weep
    Let them know that I'm glad to go

    Death is no dream
    For in death I'm caressin' you
    With the last breath of my soul
    I'll be blessin' you

    Gloomy Sunday

    Dreaming, I was only dreaming
    I wake and I find you asleep
    In the deep of my heart here
    Darling I hope

    That my dream never haunted you
    My heart is tellin' you
    How much I wanted you
    Gloomy Sunday


    #අවසන වශයෙන්
    ඇත්තටම මේ ගීතයේ වෙනස් නොකල පිටපතක් යූටියුබ් අඩවිය තුල තිබෙනවා.ඉතිං මම එම ගීතය ට සවන්දුන්න.නමුත් මට නම් සියදිවි හානි කරගැනීම කෙසේ වෙතත් වැසිකිලියට යාමටවත් අවශ්‍ය වුනෙ නැහැ එම ගීතය නිසා.aaa27.ඒ බොහෝවිට මට ගීතයේ අරුත් රස තේරුම් ගැනීමට හංගේරියන් බස බැරි නිසා වෙන්න ඇති, ඉංග්‍රීසි බාශාව උනත් තේරුනත් ෆීල් වෙන්නෙ නෑනේ මව් බාශාව වගේ.. fff080aaa16aaa16aaa16;)

    ( මා විසින් සංස්කරණය කල අන්තර්ජාලයෙන් උපුටාගත් ලිපියකි ©®)
    by [email protected]

     
    Champaht Dissanayake, 0xEDD1E, gayan01 සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  2. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135
    ආටිකල් එක එල.
    උපුටාගත්තා. thanks.
    gloomy sunday එකත් ඇහුවා අවුලක් නෑ aaa22

     
    InduwaraU සහ [email protected] මෙම අදහසට කැමතියි.
  3. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    එලම.උබල හරි මේවගෙන් වැඩක් ගනින්.මම ආයෙ කුප්පියේ ලිපි දාන්නේ නැහැ.කුප්පිය කියන්නෙ ජනශුන්‍ය කලාපයක් වෙලා.ඉතිං ලොකු ප්‍රයෝජනයක් නෑ.මට පුලුවන් විදියට උත්සාහ කලා... something is better to giveup කියල කියනවනේ.

     
    InduwaraU, Shadow සහ sandeep12345 මෙම අදහසට කැමතියි.
  4. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135
    Kuppiya members only krapu eken nikan apu views tikath dn enne ne

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  5. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    918
    Likes Received:
    544
    Eknm siraa

     
    InduwaraU මෙම අදහසට කැමතියි.




Share This Page