එදිනෙදා සිදුවන අහඹු දේවල් කිහිපයක් විද්‍යාත්මක ඇසින්

Discussion in 'වෙනත් ඕනෑම දෙයක් ගැන' ආරම්භ කරන ලද්දේ [email protected], May 20, 2018.

  1. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    :)aaa1 අහඹු දේවල් ලෙස පෙනෙන එදිනෙදා දේවල්වලට අපේ අතීත මුතුන් මිත්තන් පවා විවිධ දේවල් හිතාගෙන හිටියා. එය පැහැදිලි කරගන්නට නොහැකි වුණාම දෙවියන් විසින් කරන ලද්දකැයි දෙවියන්ට භාරදී සෑහීමකට පත් වුණා. නමුත් විද්‍යාවේ දියුණුව සහ ‘විද්‍යාත්මක ක්‍රමය’ වැනි ක්‍රමවේද මානව බුද්ධිය කළඹන්නට සමත්වූ නිසා දකින දේකින් සෑහීමට පත් නොවී කුතුහලය මෙහෙයවා එයට නිවැරදි හේතුව සොයාගන්නට පෙළඹුණා. මේ එවන් එදිනෙදා දකින දේවල් කිහිපයකට විද්‍යාත්මක පහදාදීමක්.aaa1

    #චිප්ස් පැකට්වල වැඩිපුර වාතය තිබෙන්නේ ඇයි?

    වෙළඳපොළෙන් මිලදී ගන්නා ස්නැක්ස් වර්ග, චිප්ස්වල පැකට් එක විවෘත කළාම කොණ්ඩය හුළඟේ යන තරම් හුළං ප්‍රමාණයක් ඒකෙන් පිටවෙනවා. මිලදී ගනිද්දී පැකට් එක විශාල ලෙස පෙනුනාට එයින් බොහොම කුඩා ප්‍රමාණයක විතරයි ස්නැක්ස් තිබෙන්නේ. මෙය හොර ජාවාරමකැයි අරුත් ගන්වනු ලැබුවත් එහි විද්‍යාත්මක හේතු සාධකයක් ද තිබෙනවා. බදින ලද හෝ බේක් කරන ලද චිප්ස් ටික අසුරණය තුළ තිබියදී ඒවා ඔක්සිජන් සමඟ එක්ව රස නැතිව යාමට ලක්වෙනවා. ජල වාෂ්ප එක් වුවහොත් පෙඟී යනවා. මෙය වළක්වන්නට නයිට්‍රජන් වායුවෙන් අසුරණයේ අඩක් පමණ පුරවා දමන අතර එයින් අසුරණය පිම්බී තිබෙන නිසා පැකට් වැඩි ගණනක් අසුරා තැබීමේදීත් චිප්ස් කුඩුවී හැඩය නැතිවී යාම ද වැළකෙනවා.

    #කාමරයකට ගියාට පස්සේ ගියපු හේතුව අමතක වෙනවානේ!!!

    නාන ගමන් නානාප්‍රකාර දේවල් කල්පනා කරන අයට නාන කාමරයෙන් එළියට ආවට පස්සේ ඇතුලෙදි කල්පනා කරපු පුදුම හිතෙන සිතුවිලි සියල්ලම අමතක වී යනවා. ෆෝන් එක අතට ගත්තාම කරන්න ගිය දේ අමතක වෙලා ෆේස්බුක් ගිහින් ආයෙත් පැත්තකින් තියනවා. මේ වගේ දේවල් වලට හේතු වන සංසිද්ධිය “Doorway Effect” ලෙස හඳුන්වනවා. එහිදී සිදුවන්නේ තාවකාලික මතකය තුළ ගබඩා කරන ලද්දක් පරිසර වෙනස්වීම් අනුව අපේ අවධානය වෙනස්ව යාමෙන් වෙනත් දෙයකින් එය ප්‍රතිස්ථාපනය වීමයි.

    පර්යේෂණ කිහිපයක්ම හරහා තනි කාමරයක් තුළ සහ කාමර දෙකක් අතර විවිධ භාණ්ඩ විවිධ ස්ථානවල තබන ලෙස සහභාගී වූවන්ට පැවසූ විට තනි කාමරය තුළ කරන ලද ක්‍රියාකාරකම්වලට වඩා පරිසරය වෙනස්ව වෙනත් කාමරයකට ගොස් කරන ලද දෑ අමතක වන බවට සනාථ කරලූවා. මේ ගැන අපේ පැරණි ජනකතාවක ද කියැවෙනවා. එක්තරා පුද්ගලයෙක් “වෙල්ලවැහුම්” (පෑන්කේක්/ලැවරියා වැනි ආහාරයක්) එක් නිවසකින් කා, තම බිරිඳ ලවා එය සාදවා ගන්නට නම මතක තබාගෙන ආවා. නමුත් එන අතර මඟදී ලිස්සා වැටුණු විට ඇසුණු “චිරිස්” ශබ්දය, කෙනෙක් ගඟට පැන නාද්දී ඇතිවූ “ජබුං” හඬ, ආදී දෑ ඔහුගේ මතකයට යාම නිසා අවසානයේ ගෙදර ඇවිත් කීවේ “හාමිනේ, මට හොත්තරි පචං හදලා දෙන්න?” කියායි.

    # කියවනකොට අකුරුවල වැරදි හොයාගන්න අමාරු ඇයි?

    අපේ මොළය අපටත් නොදැනීම විවිධ දේ කරනවා. බස් හෝල්ට් එකේ දුරකතනය ඔබමින් සිටි ඔබ තවත් මොහොතකින් බලද්දී බස් එකේ වාඩිවෙලා ඉන්න බව හැඟෙනවා. මෙලෙසම වාක්‍යයක් කියවාගෙන යාමේදී අපිට බොහෝ විට එහි වැරැද්දක් තිනබෙ බව පෙනෙන්නේ නැවතත් හොඳින් කියවූ විටයි. එම වාක්‍යයේ අරුකු වෙනස් කොට තිබුණත් අටපි පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. ව්‍යාකරණවලටත් බලපාන මේ සංසිද්ධිය හඳුන්වන්නේ Event-Related Potential (ERP) ලෙසයි. 2013 දී ඔරිගොන් සරසවිය විසින් ඉංග්‍රීසි බස මව්බස වූ, වයස 18-30 අතර අය යොදාගෙන කළ පර්යේෂණයකදී අපේ අනුදැනුමක් නැතිවම මොළය විසින් වැරදි හදා දී කියවීම පහසු කරවා දෙන බව තහවුරු වුණා. වැරදි සහිතව ලබාදුන් වචන, වාක්‍ය ඛණ්ඩවල වැරදි නොදැක ඔවුන් ඒවා නිවැරදි බව පැවසූවත්, මොළයට සම්බන්ධ කර තිබූ ඉලෙක්ට්‍රෝඩ පෙන්වා දුන්නේ ඒවා මොළය හඳුනාගෙන නිවැරදි කරන ලද බවයි.

    #බටර්,ජෑම්,මාගරින් ගෑ පාන් පෙත්තක් වැටෙද්දී ඒ පැත්තම බිමට හිටින්නේ ඇයි?

    අන්තර්ජාලයේ නිතර කතා බහට ලක් වෙන දෙයක් තමයි පූසෙක් උඩ සිට අතෑරියාම කකුල් පහළට හිටිනවා වගේ බටර් ගාපු පාන් පෙත්තකත් බටර් ගාන ලද පැත්ත බිමට සිටිනවා කියන එක. නමුත් මෙයට බොහොම සරල පැහැදිලි කිරීමක් තිබෙන්නේ. අපේ බොහෝ මේසවල උස එක ප්‍රමාණයේ වන අතර අපි ටෝස්ට් පාන් පෙත්ත අතේ තියාගෙන හිටියත් මේසයේ උසට සමාන මට්ටමකයි තිබෙන්නේ. එවන් උසක සිට මෙය පතිත වීමේදී අංශක 180ක් පමණයි භ්‍රමණය වෙන්නේ. මේ නිසා බටර් ගෑ පැත්ත ම වැටීමේ සම්භාවිතාව වැඩියි. Manchester MET විශ්වවිද්‍යාලය විසින් පාන් පෙති 100ක් මෙලෙස අඩි දෙකහමාරක් උස මේසයක් සිට පතිත කළ අතර ඉන් 81ක් ම බටර් ගාන ලද පැත්ත බිමට සිටින සේ වැටුණා. නමුත් මේසය මීට වඩා උස වූවා නම් අංශක 360ක් ම පාන් පෙත්තට කැරකීමට අවස්ථාව තිබෙන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

    #අනුන්ගේ දුරකතන සංවාද අහන්නම හිත දෙන්නේ ඇයි?

    කෙනෙක් දුරකතන ඇමතුමක් ගනිද්දී අපිට එම දෙබසින් ඇහෙන්නේ එක් කොටසක් පමණයි. “ඔව්” “නෑ නෑ” ආදී වශයෙන් මිසක් ප්‍රශ්නය කුමක් ද කියා අපට දැනගන්නට අවස්ථාවක් නැහැ. මෙම කුතුහලය නිසාම අපි අසල සිටින දෙදෙනෙක් කතා කරන දේකට වඩා එතැනම සිටින කෙනෙක් දුරකතන ඇමතුමක් ගන්නවා නම් ඒ වෙතට අපේ සිත යොමු වෙනවා. මෙම සංසිද්ධිය Halfalogue හෙවත් අඩ-දෙබස ලෙස හැඳින්වෙනවා. කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලම්බියා විශ්වවිද්‍යාලය විසින් කළ පර්යේෂණයකදී එක් අයෙකුට පරිගණක තිරය මත චලනය වන තිතක් මවුස් එක හරහා පසුහඹන ලෙස කියා ඔවුන්ට ඇසෙන සේ කෙනෙක් දුරකතන ඇමතුමක් ගන්නා ශබ්දයක් යොමු කළ විට මනස ඒකාකාරීව තබා ගන්නට අපහසු වුණා. මෙයට හේතුව වන්නේ ඉදිරියට විය හැකි දේ සිතාගත හැකි අවස්ථාවන්හිදී මොළය ඒ දේ අතහරින බවත්, සිදුවීමක් ගොඩනගා ගැනීමට අපහසු අවස්ථාවලදී මොළය ඒ ගැන වැඩි අවධානයක් යොමු කොට කල්පනාකාරී වන බවයි.

    #කවදාවත් නොදැකපු කෙනෙක් දැක්කම කවදාවත් නොගිහිපු තැනකට ගියාම සහ සමහර සිදුවීම් වලදි මේක මීට කලින් දැකල වෙලා තියනවා කියල හිතෙන්නෙ ඇයි?

    මේක නම් ටිකක් ප්‍රසිද්ධ දෙයක්.මේකට කියන්නේ ඩීජාවූ(dejavu) සංසිද්ධිය කියල.Matix ෆිල්ම් ටික බලලා තියනවා නම් අනිවාම මතක ඇති ඩීජාවූ.මේ ගැන විද්‍යාව තුල සෑහෙන්න පරීක්ෂණ කරල තියනවා.විවිද පුද්ගලයන් විවිද මත කාලෙන්කාලෙට ඉදිරිපත් කලත් වර්තමානය තුල පිලිගැනීමට ලක්වෙන්නේ, ඇස් දෙකෙන් ඇතිවන දෘශ්‍ටි සංඥා එකවර නොමැතිව යම් කාල පරතරයක් ඇතිව මොලයට යාම සහ හඳුනාගැනීම නිසා මේ සංසිද්ධිය ඇති වන බවයි.ඒ කියන්නේ රූපයක් දැක්කම සාමාන්‍යයෙන් ඇස් දෙකෙන් ඒ රූපයට අදාල සංඥාව මොලයට යවන්නේ එකවර ඒකියන්නෙ කාල පරතරයක් නැතිව.නමුත් කලාතුරකිනි යම් මිලි තප්පර ගනනක පරතරයක් ඇතිවනවා.ඒ මොහොතේදි පලමුවෙන් එන සංඥාව මොලයට ආපසු දෙවනි සංඥාව ආවහම අර කලින් ආපු සංඥාවේ දේ මතකයට ඒ වෙනකොටත් ගිහින් නිසා හුරුපුරුදු බව දැනෙනවා.

    #චෛත්‍ය සහ පිලිම වල මුදුනින් බුදු රැස් සහ කිරි වැක්කෙරෙන්න්නේ කොහොමද ?

    මේකට නම් කට්ටියකට ඩෝං යන්නත් ඉඩතියනවා.උසස්පෙල ප්‍රිසික්ස් වල ස්තිති විද්‍යුතය පාඩම ඉගෙනගෙන තියන කෙනෙක් මේ ගැන බොහෝවිට දන්නවා.මේ සිදුවීම elmos fire ලෙස හඳුන්වනවා.අතීතයේ මුහුදේ ගිය නැව් වල කුඹගස් මුදුනින් ගින්දර පිටවීමක් රැස් විහිදීමක් දැක්ක නාවිකයො තමයි මේ නම දීල තියෙන්නෙ. ස්තිති විද්‍යුතය තුඩක තමයි ප්‍රබලම.ඒ කියන්නේ තුඩක් සහිත සංවෘත ලෝහ සිලිංඩරයක් ගත්තොත් ඒක සිනිදු රෙදිකැබැල්ලකින් පිරිමැද්දම ඒ සිලින්ඩරය ස්තිතිකව ආරෝපණය වෙනවා.ඒ නිසා තමයි අත ලන්කලාම මවිල් එහෙම ඒ දිහාවට ඇදෙන්නේ.මේන්න මේ ස්තිති විදුලිය වැඩිම ප්‍රබලතාවකින් තියෙන්නේ සිලින්ඩර තුඩේ.කෝන් එකක් වගේ ගත්තත් එහෙමයි.දාගැබ් පිලිම වල මුදුන තුඩක් වගේ උල් නේ. ඉතිං පොලොවෙන් සහ වාතයේ ගැටීම් නිස පිලිම/ දාගැබේ ලෝහ කොත ආරෝපණය වෙනවා.ආරෝපණය අදික උනාම තුඩ ලග තියන වාතය මේ ආරෝපණ විසර්ජනය වෙනවා.හරියට අකුනු කොටනවා වගේ.මෙන්න මේ සිදුවීම corrona discharge ලෙස හඳුන්වනවා.ඕක තමයි අපි රැස් විහිදීම් ලෙස දකින්නේ.ඒ වගේම දාගැබකනම් ලෝහ කොත රත්වුනාම ඒ අවට ලගම වාතයත් රත් වෙනවා.එතකොට ඒ වාතයේ ගනත්වය අඩුවෙනවා.ඊට ටිකක් පිටින් තියන වාතය අර තරම් රත්වෙලා නැති නිසා ගනත්වය සාපේක්ෂව වැඩියි.මෙන්න මේ ගනත්වය වෙනස නිසා හිරු ආලෝකය වගේ ආලෝක වර්තනය වෙන්න පුලුවන්.එතකොටත් විවිධාකාර වර්ණ නිකුත් වන බවක් අපිට පේන්න පුලුවන්.

    ඉතිං ඔබත් මේ වගේ රසවත් විද්‍යාත්මක සංසිද්ධි දන්නව නම් පහතින් කොමෙන්ට් කරන්න අනිත් අයටත් කියවල ඉගෙනගන්න.aaa1

    ® by [email protected]

     
    Shadow, Dasun123, Hifollowers සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    [​IMG]

    බලන්න කියවන්න පුලුවන්ද කියල. ;)

     
    Sathmina, Shadow, Dasun123 සහ 4 තවත් අය මෙම අදහසට කැමතියි.
  3. Nimal6290
    Offline

    Nimal6290 නවක සාමාජික

    Joined:
    Sep 11, 2017
    අදහස්:
    39
    Likes Received:
    29
    ඒක පට්ට..... නියම විස්තරයක්

     
    [email protected] මෙම අදහසට කැමතියි.
  4. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    හොඳ, වටිනා post එකක් දිගටම ලියන්න.. ජය...

    <IamProgrammerlk/>


     
    Dasun123 සහ [email protected] මෙම අදහසට කැමතියි.
  5. Nirmal Savinda
    Offline

    Nirmal Savinda සාමාජික

    Joined:
    Jul 14, 2016
    අදහස්:
    176
    Likes Received:
    92
    වටිනා ලිපියක් aaa30aaa30aaa30
    මටත් ඕක වෙලා තියෙනවා

     
    [email protected] මෙම අදහසට කැමතියි.
  6. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    anith languages kohomada danne na. english waladi nam wachanayaka mula saha aga akura hariyata liyala mada akuru tika kohoma mix kalath apita kiyawanna puluwan. oya kiwwa widihata molaya eka correct karanawa. api kiyanawanakota molaya akuren akura kiyawanne naalu. mulu wachanayama eka parata kiyawala tama therum ganne.
    oyage reply eke tiyena paragraph eka ehema karapu ekak. eka kisima aulak natiwa samanya paragraph ekak wagema kiyawanna puluwan.

     
    InduwaraU, [email protected] සහ Nirmal Savinda මෙම අදහසට කැමතියි.
  7. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    918
    Likes Received:
    544
    Tfs bro

     
    [email protected] මෙම අදහසට කැමතියි.
  8. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    මාරයි බ්‍රෝ..
    සුපිරි. තෑන්ක්ස්..

     
    [email protected] සහ Nirmal Savinda මෙම අදහසට කැමතියි.
  9. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    142
    Likes Received:
    73
    thanks

     
    [email protected] මෙම අදහසට කැමතියි.
  10. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135
    fatta article ekak

    ow ... hariyatama wenne eka.. thani wachanayk widihatai apita wachana kyawanne... ekai api uwamanawen baluwama waradda ahu wenne. uwa manawen balanawa kyanne akuren akura baleemak

     
    [email protected] මෙම අදහසට කැමතියි.
  11. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    223
    Likes Received:
    125
    Fattama...
    ඇත්ත කතාව:Sir::Sir:..

     
    InduwaraU සහ [email protected] මෙම අදහසට කැමතියි.




Share This Page