Skip to content

OOP සිංහලෙන් ඉගෙන ගමු (Part 01)

අද මම ඔයලට කියලා දෙන්න යන්නෙ OOP ගැන. OOP ඉගෙන ගන්න කලිං Procedural Languages කියන්නෙ මොනවද කියල බලමු.


Procedural Languages 


Procedural Languages කියල හදුන්වන්නෙ C, Pascal, FORTRAN  වගේ Languages. මේවගෙ කෝඩ් එකක් ගත්තාම එහි අඩංගු වන්නේ instructions ලිස්ට් එකක් විතරයි. ඒ වගේම මේව functions වලට වෙන් කරල තියෙන්නත් පුලුවන්.

මේවගෙ තියෙන අවාසිය තමයි ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ගත්තාම ඒක අනවශ්‍ය ලෙස සංකීර්ණ වෙනව. ඒ වගේම මේවගේ global data  වලට කිසිම බාදාවකින් තොරව දත්ත access කිරීමේ හැකියාව ලැබෙනව. මේ නිසා දත්ත  modify කිරීමේදී අපට සෑම functions එකක් ගැනම සැලකිලිමත් වෙන්න සිදුවෙනව.


Object Oriented Languages


JavaScript,Python, c++, Visual Basic . NET,Ruby, PHP වගේ Languages OOP Languages කියල ගන්න පුලුව. මේව Procedural Languages වලින් වෙනස් වෙන්න හේතුව තමයි මේ programs ඇත්ත ජීවිතයේ ආතියකට (Real World Modeling) අනුව ගොඩනගල තියෙන්නෙ. මේවාගේ තියෙන වාසි තමයි අපි ලියනු ලබන code එකක් නැවත භාවිතා කිර්‍ර්මේ හැකියාව, නැවත program එක modify කිරීමේ සහ නඩත්තු කිරීමේ පහසුව මෙන්ම වෙනත් කෙනෙකුට පහසුවෙන් program එක තේරුම් ගැනීමේ හැකියාව වගේ ගොඩක් දේවල් තියෙනව.

මේවාගේ තියෙන අවාසි ගත්තොත් OOP වලදී මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ program එකේ design එකට. ඒ කියන්නෙ program එකේ structure එක ගැන මූලික අවභෝදයක් ඇතුව තමයි program එකක් පටං ගන්න වෙන්නෙ. Procedural programming වලට සාපේක්ෂව OOP programs විශාල size එකක් ගන්නව. program එකේ විශාලත්වය නිසා, program එක ක්‍රියාත්මක කිරීම සඳහා බොහෝ උපදෙස් අවශ්‍ය වෙනව. මේ නිසා code එක සංකීර්ණ හා දිගු වෙනව වගේම speed එකත් ටිකක් අඩු වෙනව. ඒ වගේම OOP program එකක් නිර්මානයේදී procedural program එකකට වඩා ලොකු දනුමක් අවශ්‍ය වෙනව(programmer required many skills).


හොදයි එහේනම් මම හිතනවා ඔයලට අද කියලා දිපු ටික තෙරෙන්න ඇති කියලා.ඔයලට මොනාහරි ගැටලුවක් තියෙනවන්ම් මට comment එකක් දාලා කියන්න.මගේ අඩුපඩු එහේම තියෙනවනම් comment එකක් විදියට දාල තියන්න.

හොදයි එහෙනම් අදට මම සමුගනවා ඉලග ලිපියෙන් අපි objects, classes ගැන කතා කරමු.


-Tishan Ravisanka-

Sign In or Register to comment.